Tuesday 3 July 2012

සඳකඩපහණක - සුනිල් එදිරිසිංහ (Sandakada Pahanka - Sunil Edirisinghe)



සඳකඩපහණක ගීතය සිවු කුලුඳුල් නිර්මාණයකි. මෙය සුනිල් එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට ගීත ගායනයයි. මෙය වොලී නානායක්කාර මහතාගේ කුළුඳුල් චිත්‍රපටය ගේය පද රචනයයි. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය මෙම ගීතය ඇතුලත් චිත්‍රපටය වන මාතර ආච්චී චිත්‍රපටයයි. මෙය වික්ටර් රත්නායකයන්ගේ කුළුඳුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි. 

සඳකඩපහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැළැතුණු රසයක පැන ආ බුබුළක්
අකුරු වැලක් දෙහදක ලියැවේ..
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකූළක් මැළවෙද්දී..

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බිංදු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා
පොපියන දෙතොළක් එහි කැන්දූ..

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවන වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ...

පද: වොලී නානායක්කාර
තනු: වික්ටර් රත්නායක
හඬ: සුනිල් එදිරිසිංහ

Audio: http://www.mediafire.com/?aaxl995qc6vtcjm
Video: http://www.youtube.com/watch?v=UcyeZSVNfpE
Live singing: http://www.youtube.com/watch?v=AGNThOOe-M4

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.