Tuesday 3 July 2012

සුදු නෙලුම කෝ - පණ්ඩිත් අමරදේව (Sudu Neluma Ko - W.D.Amaradewa)


එක්තරා රචකයෙක් ඈත දුෂ්කර පලාතක ගුරු සේවයේ නිරත වන අවධියේ දිනපතා ගමේ වැවෙන් මල් නෙලා හවසට පන්සල අසල මල් විකුණන කුඩා දැරිවියක් සිටියේලු. නිතර ඇස ගැටුනු මේ දැරිවිය පිලිබඳ දුක්බර ආරංචියක් දිනක ඔහු කණ වැටුණි. ඒ අවාසනාවන්ත දින අනෝරා මහ වැසි මැද මල් නෙලමින් සිටි දැරියව එතෙක් කල් ඇගේ ජීවිකාවට අත දුන් වැව විසින්ම ඩැහැගෙන තිබිණි. ඒ පිලිබඳ සංවේදී මනසින් පසුවන රචකයාගේ අතින් මේ දුක්බර සිදුවීම පද පෙලකට පෙරලිණි. රචකයා ඔබ අප කවුරුත් හඳුනන රත්න ශ්‍රි විජේසිංහයන්ය. ඒ පද පෙලට ගීයක ජීවය දුන්නේ පණ්ඩිත් අමරදේවයන්ය.

සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළෝස්වකේ
මල් නෙලා විකුණූ පන්සලේ..

වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා..

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙලුම් මල දැස පියවී
මෙහා ඉවුරට පාවුනා..

පද: රත්න ශ්‍රී විජේසිංහ
හඬ: පණ්ඩිත් අමරදේව

තනුව හා සංගීතයද පණ්ඩිත් අමරදේවයන්ගේම බව අපි විශ්වාස කරමු.

Audio: http://www.mediafire.com/?whdfeemys72amc7
Video: http://www.youtube.com/watch?v=dwN-v3wSt6Q

(මෙම ගීතය සම්බන්ධව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

13 comments:

  1. මේක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ම අත්දැකීමක් බව තමයි මට අහන්නට ලැබුණේ.. මහියංගනය ප්‍රදේශයේ දී ඔහු ලැබූ අත්දැකීමක් බව.

    කතාවේ හැටියට මේ දියණිය එදා වැඩිපුර මල නෙලන්නට ගැඹුරට ගියේ ඒ මුදලින් කවකටු පෙට්ටියක් ගැනීමේ බලාපොරොත්තුවෙන්.

    කෙසේ වෙතත් මේ දැරිය ගේ නිවසේ මේ මිනි පෙට්ටිය තබන්නට වත් ඉඩක් නැති තරමට එය පුංචි පැල්පතක්. ගම්වැසියන් විසින් නිවසේ ඉදිරිපිට තැනූ පුංචි මඩුවක තමයි මේ දේහය තැබුණේ..

    මේ කතාව මට අහන්න ලැබුණේ..

    ReplyDelete
  2. මහියංගෙන් ෙනෙවයි යෙකා් ෙමනරාගල ෙබාරු ලියන්ඩ ඒපා දන් නැත්තන් නිකන් හිටපන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මොනරාගල හෝ ඇඹිලිපිටිය වගේ තමයි මමත් දන්නේ. ඒ වැවේ නම නොගැලපෙන නිසයි සොරබොර වැව කියල දාල තියෙන්නේ

      Delete
  3. කාට හරි කියන්න පුළුවන්ද මේ සිදධිය වෙලා තියෙන්නෙ කොයි කාලෙද කියල?

    ReplyDelete
  4. You can read the true story behind this song, in his book "sudu neluma" which was published recently at BMICH.

    According to his speech at BMICH on that day, this incident has happened about 30 yrs back.
    The child lived in Debatewa village in Monaragala. And was used to sell flowers at Dematamal viharaya. (The lake and temple has been changed for the song to rhyme only) Her father was disabled and mother also was not in a position to do a job.Therefore she did this to make her family live.

    This family was so poor that even there was no room to keep her coffin inside the house. So it has been kept under an "Siyambala tree".

    He is saying in that book that, after listening to his speech, almost all the 1500 participants at BMICH had cried. And Rathna sri had siad to the audiance that "After about 30 yrs, I took that child again over this red carpet of BMICH."

    ReplyDelete
  5. meka wela thiyenne 1981 monaragala.me ganu lamaya gihilla thiyenne okkampitiya janapada vidyalayata. eyage wayasa awrudu 11.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Here's the link for your listening pleasure. Listen to veteran Rathnasri and clarify more about the song. Thank you for all those who have made comments here. I enjoyed them all.
    https://www.youtube.com/watch?v=Cu3IDvf-Ue0

    ReplyDelete
  8. වර්ෂ 1981 දී මොනරාගල ඔක්කම්පිටිය ඡනපද විද්‍යාලයේදි ලැබූ අත්දැකීමකි.
    srimal......

    ReplyDelete
  9. This incident is very emotional & feel very sad. I recently visited the Dematamal Viharaya in Okkampitiya. I couldn't see any body selling flowers nearby the temple at present. But when we hear Master Amaradeva's "Suduneluma Ko" song tears come to our eyes, Truly accepting Mr. Rathna Sri Wijesinghe's statement that People were actually crying at Tower Hall when hearing the song we also feel the same sadness. I also was a school boy of 14 years old in year 1981. But that girl could be able live we wont feel such sad then. May attend nibbana to her we can do only pray such as ****

    ReplyDelete
  10. Mama ahapu ekanan wenas, podi lamai 2nnek gihin mal kadanna thaththa me lamai beraganna gihin dennma ekata genna bari nisa mulin kenek genalla itapasse yanakota thamange duwa marila, mulin anith lamaya genawe game aya katha kiyai kiyala thange lamaya beragena awa kiyala

    ReplyDelete
    Replies
    1. ඔබ අහල තියෙන දේ නිවැරදි කතාවක් නෙවෙයි. තාත්තා කවදාවත් ඒ දියණිය එක්ක මල් කඩන්න ගිහිනුත් නෑ. ඇය එදා ගිහින් තියෙන්නෙ ත් තනිවම. රෑ වෙන තුරු ගෙදර නොයා නිසා ගමේ අය මුලු අතු පත්තු කරගෙන.හොයල. ඇගේ මල් සිරුර පසුවදා මෙහා ගං ඉවුරේ පා වෙලා ගොඩ ගහල. අතේ නෙලුම් කැකුළු ක් සිටි කරගෙන.
      ගීතයේ රචකයා වූ රත්න ශ්‍රී විජේසිංහ මහත්මා මයි මේ කතාව කීවෙ. ඒ නිසා ඔබ ඔය අසා ඇති කතාව බොරු!

      Delete
  11. Sudu Neluma Ko Sora Bora Wawe Song Meaning | සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගිතයේ අරුත

    Video :- https://youtu.be/oFLEzi-nAJQ
    Website :- bit.ly/34TmHfE
    Fb Page :- bit.ly/2kqmzlP

    ReplyDelete

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.