Sunday 29 July 2012

වලාකුළු පෙලින් බසින්න - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා (Walakulu Pelin - W D Ariyasinghe & Rashmi Sangeetha)

යසනාත් ධම්ම්ක බණ්ඩාර, නම කියූ පමණින් බොහෝ දෙනා දන්නා අයකු වූවත් තවත් බොහෝ දෙනා යම් පටලවාගැනීමක් කරගෙන ඇති බැව් පෙනේ. ඒ ඔහු සහ ධම්මික බණ්ඩාර යනු එකම අයකු බවයි. දෙදෙනාම ඇතුගල්පුරයෙන් බිහි වූ ගී පද රචයකයන් දෙදෙනෙකු වුවත් වෙනස් වෘත්තිකයන් දෙදෙනෙකි. ධම්මික බණ්ඩාර ගුරුවරයකු වන අතර යසනාත් ජයවර්ධනපුර වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරයෙකි. ඔහුගේ ගී පද රචනා ශබ්ද රසයෙන් මෙන්ම අර්ථ රසයෙන්ද අනූනය. ඒවාට යෙදී ඇති බොහොමයක් තනු අති මනරම්ය. යසනාත්ගේ පෑන් තුඩින් මැවුණු ජානක වික්‍රමසිංහ ගයන් නොනිදා ඉන්න එපා දේවී, ඉමාන් පෙරේරා ගයන සුවඳ මල් රේණු පිස එන, සමන් ජයනාත් ජිනදාස ගයන ගාන තෙල් සඳුන් වරලස, කරුණාරත්න දිවුල්ගනේ ගයන අර මෝදු වෙලා සිනා පුරන යනාදී ගීත බොහෝ සෙයින් ජනතාව අතරට ගියේ එකී කාරණා නිසාමය.

විශේෂත්වයනම් මුලින් සඳහන් කළ ගීත මෙන්ම අද අප ඉදිරිපත් කරන "වලාකුළු පෙලින් බසින්න" ගීතයත් යසනාත් සහ නවරත්න ගමගේ සුසංයෝගයෙන් බිහි වූ ගීතයක් වීමය. රශ්මි සංගීතා, ආරියසිංහ දෙපලගේ ප්‍රතිභාපූර්ණ ගායනයෙන් මේ ගීය වඩ වඩාත් ඔප මට්ටම් වී ඇත්තේය.

වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ..

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ..

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ..
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ..

දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ..

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමි ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ..

මටද ආදරේ..
නුඹට ආදරේ..

පද: වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
තනු: නවරත්න ගමගේ
හඬ: ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා

Video: http://www.youtube.com/watch?v=FYHdj1XSjb4
Audio: http://www.mediafire.com/?tyb7r174rwg7123

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.