Sunday 29 July 2012

සරුංගලේ මා - මැණික් ජයසේකර

"සල් සමන් සුගන්ධිනී" සහ "ස්නේහයේ නගරයයි" ගීත තුලින් අමරසිරි පීරිස්ගේ අමර සරයට මුසුව ඇසෙන ඒ මධුර ස්වරය ඔබට මතක ඇති. "බිඟු රෑන වගේ මල් යායට", කාටත් අසා පුරුදු ඒ ගීයෙන්ද අද අප ඉදිරිපත් කරන සංගීත අඹරේ ඉතා දිගු දුරක් පියඹා ගිය අසහාය සංගීතඥ කේමදාසයන්ගේ මියුරු සංගීතයෙන් ඔප මට්ටම් වූ මේ සොඳුරු ගීතයෙන්ද ඇසෙන්නේ ඒ මධුර හඬමයි. "සරුංගලේ මා සරුංගලේ.. පියඹා යනවා දෙරණ මතින් මායිම් නැති නිල් ආකාසේ..", ඈ මැණික් ජයසේකර.

සරුංගලේ මා සරුංගලේ
පියඹා යනවා දෙරණ මතින්
මායිම් නැති නිල් ආකාසේ
මායිම් ඇති මේ නියර මතේ
කුමර කුමරියන් අතින් මිදී
සරුංගලේ මා සරුංගලේ

කුරිරු පොළෝ මත වැටකොටු බැඳ ඇත
නිදහස වටකොට පවුරු නැගී ඇත
එබැවින් පියඹා යන්නෙම් ගගනත
සරුංගලේ මා සරුංගලේ

දෑ කුලගොත් මායිම් කිසිවක් නැති
නිදහස් නිවහල් සුවිසල් ගගනත
ඈතට ඉගිලෙමි සිතු ලෙස
සරුංගලේ මා සරුංගලේ

පද: ?
තනු: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හඬ: මැණික් ජයසේකර

Video: http://www.youtube.com/watch?v=FnrSG10fupw
Audio: http://www.mediafire.com/?08yjekilry37y1n

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ සහ ඔබට හැඟෙන දේ අප සමඟ බෙදාගන්න.)

2 comments:

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.