Sunday 29 July 2012

රොබරෝසියා - කරුණාරත්න දිවුල්ගනේ (Robarosiya - Karunarathna Diwulgane)

එතරම්ම ප්‍රචලිත නොවූ එහෙත් වසර කිහිපයකට කලින් එළි දැක්වුනු රසයෙන් අනූන ගීයකි මෙය. රජරටින් පිවිස 90 දශකයේ දිවයින පුරා නමක් රඳවාගන්නට සමත් වූ දිවුල්ගනේ විසින් ගයන මේ ගීයේ පද රචනය සහ සංගීත නිර්මාණය කාගේදැයි නම් වශයෙන් අපි නොදනිමු. පරාජිත පෙම්වතකුගේ අවෛරී සංකල්පනාවක් අනුව යමින් රචනා කර ඇති ගීයට යොදා ඇති තනුවෙන් සහ සංගීතයෙන් එහි අරුත වඩාත් උද්දීපනය වී ඇත.

රොබරෝසියා හෙවනේ ඉඳන්
ඔබ කී කතා හුළඟේ ගිහින්..
හිනාවෙන හැම මලක් ගානෙම
මං ආදරෙයි කීවත් ඉතින්...

කඳුලැලි අරන් එන පෙම්වතුන්
හසරැලි දරන් යන පෙම්වතුන්..
මට කියා දෙනවද කඳුලක් තරම්
හීතලම දෙයක් තව තියෙනවනම්...

ඔබ හමු වුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්..
මට නොදී ගිය තව කඳුලු ඇත්නම්
එපා දෙන්නට ඔහුටනම්...

පද: ?
තනු: ?
හඬ: කරුණාරත්න දිවුල්ගනේ

Audio: http://www.mediafire.com/?oo0gh43o4kiccy1
Video: http://www.youtube.com/watch?v=AttuP2M0_is

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

No comments:

Post a Comment

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.