Sunday 29 July 2012

කුමුදිනිය ඔබයි මගේ - ඉන්දු මිහිරාණි අමරනාත් (Walakulu Pelin - W D Ariyasinghe & Rashmi Sangeetha)

අද අප ගෙනෙන ගීතය තරමක් අලුත් එහෙත් විශේෂත්වයක් ඇති ගීයකි. පද මාලාව බැලු බැල්මට පිරිමි හඬකට උචිත ගීයක් වූවත් ගීය ගයනු ලබන්නේ කාන්තාවකි. ඇය ජාතික රූපවාහිනියේ ශ්‍රී ලංකන් ලයිෆ් වැඩසටහනින් බිහි ගී ලොව මං දොරටු විවර කරගත් ඉන්දු මිහිරාණි අමරනාත්ය. ගීයේ සංගීත සංයෝජනය නව පරපුරේ නමක් දිනාගත්, නැසී ගිය සංගීතඥ සරත් දසනායකයන්ගේ පුත් රංග දසනායකයි.

සඳ මඬල නුඹම විය
ගණ අඳුරු රැයේ මට
පන්හිඳක රැඳුණු නුඹ
ගීතයක් විය නොදැනීම
අවදි කරනු මැන ඔබ හඬින්
මා සිතුම් ලොව

කුමුදිනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැඟුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එළිය වගේ සඳවතිය මගේ..

අඳුර මැද සැරූ ඔහේ ළපටි සිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේමැයි මට දැනුනෙ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබෙ සෙනේ..

මිහිර බෙදූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ලඟින් සිත නිවී සැලේ
දිවි දෙවෙනි වේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
තව භව පුරා සරමී නිතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ..

පද සහ තනු: කසුන් ගුණතිලක
නාද සංයෝජනය: රංග දසනායක
හඬ: ඉන්දු මිහිරාණි අමරනාත්

Audio: http://www.mediafire.com/?e8afo20e246qbol
Video: http://www.youtube.com/watch?v=buR4ZLbdQdM

(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)

1 comment:

  1. තුති මල් මිටක් ඔබට..💐💐💐🍃 මම ඉන්දු..😊

    ReplyDelete

මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.