අන්තර්ජාලයෙන් උපුටාගත් ගීතයේ පසුබිම් කතාව ඔබ වෙත පල කරනු කැමැත්තෙමු.
ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා.
(උපුටාගැනීම elakiri.com හි dath kimbula ගෙනි.)
අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..
යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..
සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..
පද: කුසුම් පීරිස්
තනු: ?
හඬ: යමුනා විනෝදනී
Audio: http://www.mediafire.com/
Video: http://www.youtube.com/
(මෙම ගීතය පිළිබඳව ඔබ දන්නා දේ අප සමඟ බෙදාගන්න.)
No comments:
Post a Comment
මේ ගීතය ගැන ඔබ දන්නා දේ සහ ඔබගේ අනෙකුත් අදහස් අප සමඟ බෙදාගන්නා වූ ඔබට බොහෝම ස්තූතියි.